සිරි පැරකුම්බා මහ පිරිවෙන් නිර්මාර්තෘවර මුල්ම පිරිවෙන් කෘත්‍යාධිකාරී අපවත්ති වී වදාළ, අතිපූජ්‍ය තවලන්දන පඤ්ඤාවිසුද්ධි නාහිමිපාණන්වහන්සේ.
සිරි පැරකුම්බා මහ පිරිවෙන් හිටපු කෘත්‍යාධිකාරී, ශ්‍රී ප්‍රියදර්ශනාරාමාධිපති, පොළොන්නරුව, තමන්කඩුව දෙපළාතේ දිසාපාළක, අපවත් වී වදාළ මාපේගම ශ්‍රී පියරතනාභිධාන නාහිමිපාණන්වහන්සේ.
පො/සිරි පැරකුම්බා මහ පිරිවෙන
ගරු කෘත්‍යාධිකාරී පූජ්‍ය හබරණ රතනධම්ම නාහිමි
අමාත්‍යාංශ ලේකම්වරුන්, විශ්ව
විද්‍යාල කථිකාචාර්යවරුන්, විදුහල්පතිවරුන්, ගුරුඋපදේශකවරුන්, ගුරුවරුන් වැනි ඉහළ පෙළේ නිලතල දරන වියතුන් රාශියක් නිර්මාණය කරමින් පැරකුම්බා මහ පිරිවෙන තම අධ්‍යාපනික මෙහෙවර විවිධ බාධක කම්කටොලු
මධ්‍යයේ වුවද නොසැලී ඉදිරියට
සිදුකරගෙන යනු ලබයි. සිරි පැරකුම්බා මහ පිරිවෙනේ කෘත්‍යාධිකාරී, නැගෙනහිර තමන්කඩුව
දෙපළාතේ දිසාපාලක අති ගෞරවණීය මාපේගම පියරතන නායක ස්ථවිරයන්වහන්සේ වන මාගේ ගුරු හිමියන්ගේ
අපවත්වීමෙන් පසු ඉතා ලාබාල වියේදීම මෙකී පිරිවෙනේ කෘත්‍යාධිකාරී ධූරය දැරීමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සළකමි.
ජාතික පොදු අධ්‍යාපනික අරමුණු සාක්ෂාත්
කරගනිමින් පරියත්ති, පටිපත්ති, පටිවේධ යන ත්‍රිවිධ ශාසනය ආරක්ෂා කරමින්ද, පිරිවෙන් අධ්‍යාපනයේ පරමාර්ත සාක්ෂාත් කරගතහැකි
වන ලෙසද, පැරකුම්බා මහ පිරිවෙනේ අධ්‍යාපන කටයුතු ගමන් කරනු දැකීම මාගේ ඒකායන
අරමුණයි. එම අරමුණු සාක්ෂාත් කරගත හැකිවන ලෙස
මෙම වෙබ් අඩවිය යොදා ගන්නා ලෙසත් දැනුම, කුසලතා හා ආකල්ප ඔප්නැංවීමටත් සන්නිවේදන
නිපුණතා ළඟා කරගැනීමටත් මෙම වෙබ් අඩවිය භාවිතයට ගන්නා ලෙසත් මෙය පරිශීලනය කරන
සැමගෙන් ඉල්ලා සිටිමි.
විශේෂයෙන්ම මෙම අඩවිය
නිර්මාණය කරමින් පැරකුම්බා මහ පිරිවෙන වෙබ් අවකාශයට ගෙනයාමට කටයුතු කළ පොළාන්දිනරුව දිස්ත්‍ර්‍ර්‍ර්‍රික් තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක අප පිරිවෙනේ ආචාර්ය චමින්ද ප්‍රසාද් ලියනගේ මහතාට මාගේ කෘතඥතා පූර්වක ස්තූතිය ද මෙයින් පුද කරමි.
හබරණ රතනධම්ම ස්ථවිර (කෘත්‍යාධිකාරී)
පො/සිරි පැරකුම්බා මහ පිරිවෙන - පුලස්තිගම
ගරු පරිවෙණාධිපති පූජ්‍ය මහදිවුල්වැවේ පඤ්ඤාරාම ස්ථවිර
විශේෂයෙන්ම මෙවැනි
බ්ලොක් අඩවියක් නිර්මාණය කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ ගුරු සිසු සන්නිවේදනය
කාර්යක්ෂම කරමින් ඉගෙණුම් ඉගැන්වීම් ක්‍රියාවලියට තොරතුරු තාක්ෂණය යොදා ගැනීමයි.
දියුණුවන ලෝකයත් සමග
සිරි පැරකුම්බා මහ පිරිවෙනද ඊට අනුගත වීමේ සත් ව්‍යායාමයක් ලෙස මෙම බ්ලොග් අඩවිය
හැඳින්විය හැකි අතර මෙය
ගුරු සිසු අතර ජනප්‍රිය කිරීමට සියලු දෙනාගේ සහයෝගය ලබා දී කැපවීමෙන් යුතුව කටයුතු
කරන ලෙස කාරුණිකව දන්වා සිටිනු කැමැත්තෙමි.
පූජ්‍ය මහදිවුල්වැවේ පඤ්ඤාරාම ස්ථවිර (පරිවෙණාධිපති)
No comments:
Post a Comment